ජාත්‍යන්තර විද්වතුන්ගෙන් සැදුම්ලත් ජල සම්පාදන අමාත්‍යංශයේ වියත් කමිටුවේ සාමාජිකයකු වන මෙතුමා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටි අයෙකි.
ඒ මහතාගේ දැනුම සහ ශිල්පීය ඥානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීම උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනය මත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණය පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාර ගන්නා ලදී.
ජල සම්පාදන විෂයෙහි නවතම සොයා ගැනීමක් වූ ජල පිරිපහදු කිරීමේ නැනෝ තාක්ෂණ ක්‍රියාවලිය වඩාත් පලදායි ලෙස අපගේ ජල සම්පාදන කාර්යාවලියට එක් කිරීම පිළිබඳව තමන් උගත් දැනුම ලබා දීමට ජල සම්පාදන අමාත්‍යවරයා හමුවේ ඒ මහතා පොරොන්දු විය.
ඒ පිළිබඳව විශේෂයෙන් අගය කිරීමක් කළ වාසුදේව නානායක්කාර මහතා, අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රමුඛ අපගේ වියත් ඉංජිනේරුවන් සමග සාකච්ඡාවක් නොබෝ දිනකින් පැවැත්වීමට කටයුතු සැලසුම් කරන බවට ද මෙහිදී දන්වා සිටියේය.
ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම, අමාත්‍ය උපදේශක සඳක ගුණසේකර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි විය.