පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඛනිජ තෙල් සංවර්ධන පනත් කෙටුම්පත විවාදයට

    ඔක්තෝබර් 06, 2021

    ඛනිජතෙල් සංවර්ධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

    බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරයි.

    මේ පිළිබඳව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරය අමෙසේ සඳහන් කර සිටියේ ය.


    ''තෙල් සංස්ථාවේ ඒකාධිකාරය බිඳින්න පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාය ඒකට අපි විරුද්ධ වෙනවාය කියන එක විපක්ෂයේ මන්ත්‍රිවරුනුත් තෙල් සංස්ථා
    වෘත්තීය සමිතිත් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශකර තිබෙනවා. ඔක්තෝම්බර් මස 6 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජතෙල් සංවර්ධන පනතින් සිද්ධවෙන්නේ වසර දහස් ගණනක් මහපොලව යට සැගවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩට ගෙන රටක් ගොඩදාන සැලැස්මට අදාල නීති විධිවිධාන තියෙන පනතක්. තෙල් සංස්ථාව ගැන එක වචනයක් මෙම පනතේ කොතනකවත් සදහන් වෙන්නේ නෑ. මහ පොලව යට සැගවී තිබෙන තෙල් හා ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩදාන්න, අපි දරණ වෑයමට කවුරුන් හෝ විරුද්ධ වෙනවනම් ඒ විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණයි කියන එක අපි ඉතාම කනගාටුවෙන් වුනත් සිහිපත්කරන්න ඕනෑ'' යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya