පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුවේ කිසිවෙකුට පැන්ඩෝරා පත්‍ර මඟින් ඇඟිල්ල දිගු කර නෑ- විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ජනපති උපදෙස් දෙයි- ජනමාධ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 06, 2021

    රාජ්‍ය නායකයින්,දේශපාලකයින් සහ ධනවතුන්ගේ සැඟ වූ වත්කම් හෙළිදරව් කළ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු ඇත්දැයි මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් ඊයේ (5) පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡා වූ බවද කී අමාත්‍යවරයා,වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිවෙකුට මෙම පැන්ඩෝරා පත්‍ර මඟින් ඇඟිල්ල දිගු කර නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත සම්බන්ධයෙන් මෙම දැවැන්ත හෙළිදරව් කිරීම සිදු කර ඇත්තේ,ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර කොන්සෝර්ටියම (ICIJ)විසිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya