පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තමන් අමාත්‍යධුරයේ කටයුතු කරන කිසිඳු අමාත්‍යංශයක චෞරයකුට ඉඩක් නෑ- ජනමාධ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 06, 2021

    තමන් අමාත්‍යධුරයේ කටයුතු කරන කිසිඳු අමාත්‍යංශයක චෞරයකුට ඉඩක් ලබා නොදෙන බවත්, දූෂණ හා වංචාව නැවැත්වීම සඳහා සියලු කටයුතු සිදු කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තරයේ අවධාරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ඔක්තෝබර් 06) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින සැලසිනේ සහ අයි ටී එන් ආයතනයේ ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සැලසිනේ අයතනයෙහි පවතින මුදල් වංචාවක් සම්බන්ධයෙන් තමන්ට කරුණු වාර්තා වී නොමැති බව පැවසූ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ මාධ්‍යවේදියාට සිය ස්තුතිය පළ කරමින් පැවසුවේ, හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    එමෙන්ම අයි ටී එන් ආයතනය සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව මීට පෙර වෙනත් අයුරින් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තරාතිරම නොබලා කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya