පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අඩු පිරිවැයකින් ගෑස් ආනයනය කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය- රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    ඔක්තෝබර් 06, 2021

    පාරිභෝගිකයා මත බර පටවන්නේ නැතිව අඩු පිරිවැයකින් ගෑස් ආනයනය කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, දැනට වඩා අඩු මිලට මෙරටට ගෑස් මිලදී ගැනීමේ හැකියාවක් පවතින බවත් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මෙරටට ගෑස් ආනයන ක්‍රියාවලියේදී ඩොලර් 70ක් පමණ වැඩි පුර ගෙවා ගෑස් මිලදී ගන්නා බව අනාවරණය වූ බවත් ,මෙම බර පාරිභෝගිකයා මත පටවන්නේ නැතිව බදු අඩු කිරීමෙන් සහ ඒකාබද්ධ මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

    ගෘහස්ත ගෑස් අලෙවිය සදහා ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙක ඒකාබද්ධ කර ”සියොලිට්” නමින් රජයේ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැඩපිළීවෙල එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා ඉවත් වීම හේතුවෙන් අත්හිටුවීමට සිදු වූ බවද අමාත්‍යවරයා පැවසීය.

    අද වන විට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම වෙන් වෙන්ව ශ්‍රී ලංකාවේ ගෑස් අලෙවිය සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ලෝක වෙළෙඳ පොළ ගෑස් මිල සීඝ්‍රෙයන් ඉහළ යාම හේතුවෙන් , ඉදිරියේදී ගෑස් මිල වැඩි කිරීමට සිදු වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ගෑස් සිලින්ඩරයක මිල රු1490කට මිල තීරණය කළ විට ලෝක ‍වෙළඳපොළ බොර තෙල් බැලරයක මිල පැවතියේ 390ට බවත් එහෙත් පසුගිය පෙබරවාරි මාසය වන විට ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල තවත් ඉහළ ගිය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ලිට්රෝ සමාගමේ යෝජිතයන් තිදෙනා ඉල්ලා අස් වී ඇතිවීම නිසා එම සමාගම අක්‍රිය වීම හේතුවෙන් ගෑස් (LP) නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිට වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වූ බවත් මෙම නව සමාගම පෞද්ගලික සමාගමක් නොව රජයට අයත් සමාගමක් බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    මෙම නව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය,මහජන බැංකුව,ලංකා බැංකුව සහ භාණ්ඩාගාරය ඇතුළු රජයේ මෙන්ම ලාෆ් සමාගමේ තිදෙනෙකු ඇතුළු සාමාජිකයන් නව දෙනෙකුගෙන් සමන්විත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya