අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී,ජනාධිපතිවරයා විසින් තමන්ගේ වැය ශීර්ෂය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම කළමනාකරණය කර රාජ්‍ය යාන්ත්‍රණයට විශාල ආදර්ශයක් ලබා දී තිබෙන නමුත්, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ජනතාවට දැනෙන පරිදි වී නොමැති බව පවසමින් මාධ්‍යවේදියෙකු විසින් කරන ලද විමසුමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේය.
මෙම වියදම් කප්පාදුව ඉතාමත් හොඳ පුර්වාදර්ශයක් බවත්, රාජ්‍ය යාන්ත්‍රණය තුළ කුමන හෝ ජනතා නියෝජිතයෙකුගෙන් පහළ පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා, කැබිනට් මණ්ඩලය දක්වා ඒ ඒ ප්‍රතිපත්තීන්ට ගරු නොකරන්නේ නම් උල්ලංඝණය වන්නේ නම්, වගකීම් විරහිතව මහජන මුදල්, මිනිසුන්ගේ බදු මුදල් අවභාවිතා කරන්නේ නම් එවැනි දේ පිළිබඳව නොබියව මතු කරන ලෙස මෙහි දී ඉල්ලා සිටි අමාත්‍යවරයා, යම් සිද්ධියක් පිළිබඳව පොදුවේ ගෙන සකච්ඡා කිරීමට වඩා එවැනි සිද්ධීන් අඳුනගෙන කටයුතු කිරීම වඩා වැදගත් බවත් මෙහි දී කියා සිටියේය.
ඒ අනුව, කිසිදු රාජ්‍ය නිළධාරියෙකුට හෝ මහජන නියෝජිතයෙකුට වගකීම් විරහිතව මහජන මුදල් අවභාවිතා කරමින් කටයුතු කිරීමට කිසිඳු ශිලාචාර අයිතියක් නොමැති බවත්, එවැනි දේ සිදු කරන පුද්ගලයින් කිසිවෙකු ආණ්ඩුව විසින් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.