පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදේශ අමාත්‍යංශය මහජනතාවට කොන්සියුලර් සේවා අරඹයි

    ඔක්තෝබර් 06, 2021

    මාධ්‍ය නිවේදනය

    විදේශ අමාත්‍යංශය විසින් මහජනතාවට කොන්සියුලර් සේවා සැපයීම

    දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය (2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැගිල්ල) 2021 ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි වැඩ කරන දිනවල පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණෙන පාරිභෝගිකයන් සඳහා කොන්සියුලර් සේවා සැපයීම ආරම්භ කර ඇත.

    සේවා අපේක්ෂා කරන්නන්ට හමුවීම සඳහා පහත සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කරගත හැකි ය: http://consular.mfa.gov.lk/ONLINEBOOKING

    ඊට අමතරව පහත සඳහන් කලාපීය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත ය. ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින පුද්ගලයන්ට තම සේවා ලබා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන ලෙස දිරිමත් කෙරේ.

    මාතර - අනගාරික ධර්මපාල මාවත, පඹුරන, මාතර, 041-2226697
    යාපනය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, 021-2215972‍
    මහනුවර - මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, 081-2384410
    කුරුණෑගල - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, 037-2225931
    ත්‍රිකුණාමලය - ප්‍රධාන ලේකම් කාර්යාලය, 026-2223186
    වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ වීමට පහත දුරකතන අංක භාවිත කරන්න:

    සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය- දුරකථනය: 2338812/7711194

    විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ: 2338836/3136715

    විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම: 2437635/7101193

    අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 2338837

    විදේශීය ශ්‍රී ලාංකික අංශය: 2338847

    විවිධ කටයුතු අංශය: 2338843

    වෙනත් අංශය: 2335942

     

    විදේශ අමාත්‍යංශය

    කොළඹ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya