කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් මර්දන එන්නත සම්බනධ සන්නාමයන් සම්බන්ධයෙන් විවිධ අසත්‍ය මත සමාජ මාධ්‍යයන්හි පළ වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් 16 පමණ ඇති බවත් එයින් අනුමත් එන්නත් වර්ග පමණක් මෙරට භාවතා කරන බවත් පැවසීය.
දැනට වයස අවුරුදු 12-18 අතර දරුවන් සඳහා පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ෆයිසර් එන්නත නියම කර තිබේ. මේ වන විට ෆයිසර් එන්නත් මිලියන 14ක් ඇනවුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේ ය.