පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගුරු විදුහල්පතිවරුන් වෙත පළමුවරට නිල හැඳුනුම්පතක්

    ඔක්තෝබර් 06, 2021

    ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය.

    මෙතෙක් ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබිණි. වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමුකොට එය ඉටුකිරීමට අද කටයුතු කළේය.

    මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩ එක්කල අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොළ, අධ්‍යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අනූප පැස්කුවල්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් සහ ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවට එක් විය.

    එහි දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ කථාව-

    “අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත ගුරුවරයා යන ගැඹුරු හා කාලීන තේමාව මුල්කරගෙන අනාගතයට ශක්තියක් වන ගුරුභවතුන් ඉටුකරන මෙහෙවරට ජාතියේ ප්‍රණාමය පුදන්න අපි මෙය අවස්ථාවක් කර ගනිමු. අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩයෙහි සෞභාග්‍යයේ දැක්මේ අන්තර්ගතයන් හා ගුරුවරයා බලාපොරොත්තු වන නොනවතින දායාදය, ගරුත්වය ලබාදෙන බවට සඳහන් කළා.


    කොරෝනා වසංගත විනාශය ලොව හරහා හමායද්දී තවමත් කළමනාකරණය කරන අභියෝගය හමුවේ සිටින මොහොතක ගරු ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් දියත්කරන වැඩපිළිවෙලහි සාර්ථකත්වයට අපි පැමිණෙමින් තිබෙනවා. එම නිසා අද පෙරට වඩා සුබ දායක තත්ත්වයක ගුරුවරයාට උපහාර පුදන්නට, ගරුත්වය පුදන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ දරුවන්ට ගුණ නැණ බලය පමණක් නොව දැනුම එක්කර හොඳ පුරුවැසියෙක් බවට පත්කරන්නේ ගුරුවරයායි. එම නිසා අපි ගුරුවරුනට වන්දනීය ගරුත්වය පුදකල යුතුයි. එවන් වටපිටාවක ගුරුවරුන්ගේ ආරක්ෂාව දියුණුව හා ඒ සඳහා වූ අයිතිවාසිකම්වල සුරක්ෂිතාවය තහවුරු කරන්නට අපි කැපවිය යුතුයි.

     

    අමාත්‍යවරයා ලෙස මමත්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්ත්තුමේන්තුවල සියලු දෙනාගේ කැපකිරීම් මත එම වගකීම් ඉටු කිරීමට සියලු ගුරුවරුන්ගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
    අපේ ගුරු පරම්පරාව දැයේ දරුවන්ට එකතුකරන දෑ පමණක් නොව නිරිමාණය කරන සෑම දෙයක්ම පොදුවේ ප්‍රයෝජනයට පරිවර්තනය කර ගත හැකිවන ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සමාජයටත් පියවර ගණනාවකට පිවිසෙන්නට අපි සාකච්ජා කරමින් සිටිනවා. ගුරුවරුන්ට සහ දරුවන්ට ප්‍රයෝජනවත් ලෙස පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය තුළ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් සිදුකරමින් පවතිනවා.

    ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කර ගනිමින් ලක්ෂ 43 ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා.”

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya