පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජනපදයේ, නව ශ්‍රී ලංකා තානාපති මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගනිති

    ඔක්තෝබර් 06, 2021

    එක්සත් ජනපදයේ, නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු, මහින්ද සමරසිංහ මහතා, එරට මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගනිති.

    ඇමරිකා එක්සත් ජනපදයේ , ශ්‍රී ලංකා තානාපති ලෙස අභිනවයෙන් පත්වු මහින්ද සමරසිංහ මහතා, මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි , මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් , උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

    මෙහිදී මහින්ද සමරසිංහ මහතා , මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ, නව විහාරස්ථාන පරිශ්‍රය විවෘත කිරීමේ පුණ්‍යත්සවයටද සහභාගී වූ බව කටුගස්තොට උපරතන හිමිපාණෝ සඳහන් කළහ.

    මෙම අවස්ථාවට බටහිර වර්ජනීයාවේ පිහිටි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya