රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ඔක්තෝබර් 06) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මාධ්‍යවේදීන් වෙත දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි ග්‍රාම සේවා වසම් 14000ක් තුළ කළ සමීක්ෂණයක් මගින් අන්තර්ජාල සම්බන්ධතාවයේ ඌණතාව පිළිබඳව ප්‍රථිපල නිකුත් වී ඇත.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය පදනම් කරගෙන දියත් කළ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ආවරණය කිරීමේ ව්‍යාපෘතිය 2021 ඔක්තෝබර් මසදී අවසන් වීමට නියමිතය. එහි මුල් අදියරේදී රත්නපුර, කුරුණෑගල හා මාතර ආවරණය වන පරිදි ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.