ලෝකයේ අඩු ආදායම් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා ,මෙම තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගැනීම ඊට විසඳුමක් බවද පෙන්වා දුන්නේය.
ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ආරම්භකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පනත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන පනතක් මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විපක්ෂය විවිධ චෝදනා කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීම තබා තෙල් සංස්ථාව කියන වචනය හෝ අද ඉදිරිපත් කරන මෙම පනත තුළ අඩංගු නොවන බවද කීය.
මෙරට මන්නාරම් ද්‍රොණියේ පමණක් ඩොලර් බිලියන 280ක් පමණ වටිනා ගෑස් සහ තෙල් සම්පත් හඳුනාගෙන තිබේ. අප අසල්වාසී රටවන ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බවත් මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා විවිධ හේතු බලපා ඇති බව හඳුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය සඳහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. අපේ රට තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට එක් කිරීම තම ප්‍රධාන අරමුණක් බවත් ලෝකයේ දැවැන්ත සමාගම් මේ වන විට මෙරට තෙල් ගවේෂණයට එක් වීමට කැමැත්ත පළකර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ කුමන ආණ්ඩුව බලයේ සිටිය ද වෙනස් නොවන ජාතික වැඩටසහනක් බවට පත් කර ගත යුතු බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අමාත්‍යවරයා, යෝජනා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් එම සාධනීය අදහස් එක් කර ගෙන මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගත යුතු බවද පෙන්වා දුන්නේය.