පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට අමාත්‍ය නාමල් රාජපක්ෂ පත්වෙයි

    ඔක්තෝබර් 07, 2021

    ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (06) තේරි පත්විය.


    ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. මෙහිදී ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩම්ගොඩ මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, චාල්ස් නිර්මලනාදන් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරු ද තේරි පත්විය. මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද තේරි පත්විය.

    මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මෙරට සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුලින්ම ඇති කර ගත් යුරෝපීය රටක් ලෙස දීර්ඝ කාලීන ශක්තිමත් සබඳතාවක් දෙරට අතර පවතින බවයි. දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ ක්‍රියාකාරී සැලැස්ම සඳහා දෙරටම කැපවී සිටින බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය. එසේම මෙරටට සංවර්ධන ආධාර ලබා දීමේදී ප්‍රංශය දැක්වූ දායකත්වය පිළිබද සිය කෘතවේදීත්වය පළ කළ කථානායකවරයා පවසා සිටියේ ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) මෙරට ව්‍යාපෘති ගණනාවකට දායකත්වය ලබා දී ඇති බවයි.

    ප්‍රංශය ශ්‍රී ලංකාව සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ ශක්තිමත් ද්වීපාර්ශවීය සබදතා පවත්වන රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ව්‍යාපෘති රැසක් සිදුකරන බව පෙන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා ඉදිරියටත් එම සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව පවසා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික යනාදී සෑම අංශයකින්ම ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය මෙම සංගමයේ සිය සභාපතීත්වය යටතේ තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන්ම මෙරටට ප්‍රංශ සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධනය සදහා ශ්‍රී ලංකා - ප්‍රංශ ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

    අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya