විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම විභාග එළඹෙන නොවැම්බර් මස පැවැත් වීමට මීට පෙර සැළසුම් කළ තිබුණද රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් නියමිත නියමිත විෂය නිර්දේශ ආවරණය කිරීමට ඉඩ නොලැබුණි. ඒ අනුව ලබන වසර මුල මෙම විභාග පැවැත්වෙනු ඇති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරින් සමග සාකච්ඡා කර විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවද අමාත්‍යවරය කීය.