පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට

    ඔක්තෝබර් 07, 2021

    මෙරට ජනතාවගේ සෛවරී ඡන්ද බලය වඩාත් පහසු කීරීම සහ ආරක්ෂා කිරීම සඳහා 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධන ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

    දැනට වාර්ෂිකව සිදු කෙරෙන ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ කාර්යයේ දී එකී නාම ලේඛනය සහතික කිරීමෙන් පසු සහ ඊළඟ වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු අරඹන තෙක් වූ කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන සහ සෙසු අවශ්‍ය සුදුසුකම් සපුරනු ලබන යෞවනයන්ටද ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව මෙමගින් සැළසේ.

    දත්ත බැංකුවක් මගින් මුළු මහත් ඡන්ද ක්‍රමයම දත්ත ගත කිරීම හරහා ඡන්ද ක්‍රමය වඩාත් පහසු කිරීමට මේ ඔස්සේ අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා කීය.

    එලෙස සංශෝධනය කිරීම නිසා විශේෂයෙන්ම ඡන්ද අයිතිය ශක්තිමත් කර එම ඡන්ද දත්ත වඩාත් පහසු ලෙස ස්ථිර ගත කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya