පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 07, 2021

    2022 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

     

     

    2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කිරීම සිදුවිය.


    මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සදහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    මේ අනුව පනත් කෙටුම්පත පළමු වර කියවීම අද සිදුවූ අතර දෙවැනිවර කියවීම හෙවත් ගරු මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීම, දෙවැනිවර සහ තෙවැනිවර කියවීමට අදාළ විවාද හා ඡන්ද විමසීම් පැවැත්වීමේ දිනයන් ඇතුළු කටයුතු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගතයුතුවේ.
    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දින 26කට නොවැඩි දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සදහා වෙන් කෙරේ. ඉන් දෙවැනි වර කියැවීම සදහා දින 07කට නොවැඩි කාලයක් ද වෙන්කරනු ලැබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya