බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත්කර තිබිණි.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිලූෂා බාලසූරිය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එඩ්වඩ් පීරිස් සහ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ මධුෂානි වර්ණසූරිය මහත්ම මහත්මීහු කටයුතු කළහ.
“මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් කොට එය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කෙරේ” යනුවෙන් සඳහන් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අග්‍රාමාත්‍යතුමා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබිණි.
ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කළ බව කමිටු සමාජිකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවේ පැවසූහ.
මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.
ඒ අනුව වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.
මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව තමන්ගේ විශ්වාසය බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා ඒවා පිළිබඳව සොයා බලා අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි නිලධාරීන් දැනුවත් කළේය.