පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක්

    ඔක්තෝබර් 08, 2021

    සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සදහා වූ මූලික සාකච්ඡාව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ ප්‍රදානත්වයෙන් ( 7දා) දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

    එම නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී පහත සඳහන් නිර්නායක සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණි.

     සියලුම දහම් පාසල් සදහා පනතක් කෙටුම්පත් කර එම පනතේ ප්‍රතිපාදන අනුව නෛතික රාමුවක් යටතේ දහම් පාසල් කටයුතු පවත්වාගෙන යාම.

     දහම් පාසල් අධ්‍යාපනයේ කාර්යභාරය හදුන්වාදීම.
    දහම් පාසල් ලියාපදිංචිය කරන ක්‍රමවේදය සියලුම දහම් පාසල් සඳහා එකම ආකාරයකට සිදුකිරිම.
    ළමුන් බඳවා ගැනීම, ළමුන්ගේ වයස් මට්ටම සෑම දහම් පාසලකම එකම ක්‍රමවේදයකට සකස් කිරිම.
    ගුරුවරුන් බඳවා ගැනීම, ගුරුවරුන්ට අවශ්‍ය සුදුසුකම් හඳුනා ගැනීම සහ ගුරුවරුන් පුහුණු කිරිම.
    දහම් අධ්‍යාපනයේ විෂය නිරිදේශය සකස් කිරිමට විද්වත් උපදේශක මණ්ඩලයක් වෙත ලබාදීම.
    පෙළපොත් මුද්‍රණය, පෙළ පොත්වල සරළ බව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩිකිරිම.
    දහම් පාසල් විභාග පවත්වනු ලබන බලධාරියා තීරණය කිරිම, තරඟ විභාග පැවැත්වීම.
    දහම් පාසල් සහතිකයට ලැබෙන වටිනාකම හඳුනා ගැනිම.
    රැකියාවක් ලබාගැනිමේදි දහම් පාසල් සහතිකය සඳහා වටිනාකමක් ලබා දීම.
    දහම් පාසල් සඳහා අරමුදල් සපයා ගන්නා ක්‍රමවේදය නීත්‍යානුකූල කිරීම.
    දේශීය හා විදේශිය ආධාර ලබා ගන්නා ක්‍රමවේදයේ විනිවිදභාවය

    දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේදී අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නිලධාරීන් හා ඒ ඒ ආගම් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත් කිරීම මෙන්ම එම කමිටුව තුළින් ඒ ඒ ආගම්වලට අදාළ දහම් පාසල් පවත්වා ගෙන යාමේදී විශේෂ අවධානය යොමු කළ යුතු අංශ කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙමින් අදාළ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම වඩාත් යෝග්‍ය බවද, මෙහිදි යෝජනා විය.

     අදාළ විෂය හා සම්බන්ධ නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් සැකසීම සඳහා පහත සඳහන් සංයුතියද මෙහිදි යෝජනා කෙරුණි.

     

    · අමාත්‍යාංශ නිලධාරීන් ( අධ්‍යාපන අමාත්‍යාංශය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ)

    · සියලු ආගම්වලට අදාළ දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය නිලධාරීන් ( බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්)

    · බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්, ආගමික නායකයින්

    · සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය

    · අධ්‍යාපන විශේෂඥයින්
    මෙහිදි පහත සඳහන් පරිදි කමිටු හතරක් පිහිටුවීමටද, එම එක් එක් කමිටු සඳහා සාමාජිකයින් 5-7 අතර ප්‍රමාණයක් නම් කර රැස්වී ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම කෙරෙහිද යෝජනා ඉදිරිපත් විය.

     

    · දහම් පාසල් ආරම්භ කිරිම, ලියාපදිංචි කිරීම, දේශීය හා විදේශීය අරමුදල් සපයා ගැනිමේ කමිටුව

    · ළමුන් ඇතුළත් කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම, පන්ති කාමර හා අනෙකුත් පහසුකම් සපයා ගැනීමේ කමිටුව

    · විෂය මාලාව, පෙළපොත් හා ඉගැන්වීම් ක්‍රම ශිල්ප පිළිබඳ කමිටුව

    · විභාග පැවැත්වීම, සහතික පත්‍ර නිකුත් කිරිම හා රැකියා සඳහා පිළිගැනීමේ කමිටුව

     

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya