පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පරිගණක තොරතුරු කළමණාකරණ පද්ධතිය මඟින් රාජ්‍ය ආයතන ඇගයීම පිළිබඳ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 08, 2021

    නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයට අදාළව පරිගණක තොරතුරු කළමණාකරණ පද්ධතිය මඟින් රාජ්‍ය ආයතන ඇගයීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට (07) ඉදිරිපත් කෙරිණි. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා එම වාර්තාව ඉදිරිපත් කළේය.


    2019 මූල්‍ය වසර සඳහා වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තොරතුරු පද්ධතිය මඟින් රාජ්‍ය ආයතන 840 ක පමණ මාර්ගගත ඇගයීම පදනම් කරගෙන සකසන ලද වාර්තාව එලෙස ඉදිරිපත් කළේය.



    2019 වසර සඳහා වන මෙම වාර්තාව 2020 වසරේදී ඉදිරිපත් කිරීමට කාරක සභාව අපේක්ෂා කළද කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වූ බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    2015 මුදල් වර්ෂයේ සිට 2019 මුදල් වර්ෂය දක්වා පරික්ෂා කරන ලද සියළු රජයේ ආයතන වල සමස්ථ මූල්‍ය හා කාර්‍යසාධන අනුගතවීමේ සාමාන්‍යයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන
    ලද මෙම වාර්තාවේ සඳහන් වේ.
    2015 මුදල් වර්ෂයේ සියයට 64 ක් ලෙසද, 2016 මුදල් වර්ෂයේදී සියයට 71 ලෙසද, 2017 මුදල් වර්ෂයේදී සියයට 80 ලෙසද, 2018 මුදල් වර්ෂයේදී සියයට 78 ලෙසද, 2019 මුදල් වර්ෂයේදී
    සියයට 82 ලෙසද එය සටහන්ව ඇත.
    2015 මුදල් වර්ෂය පදනම් වර්ෂය ලෙස ගත් විට සියළු ආයතන 2019 මුදල් වර්ෂයේ අත්පත් කරගත් ප්‍රගතියේ ප්‍රතිශතය සියයට 28 ක් බවද වාර්තාවේ සඳහන්වේ. පරිගණක තොරතුරු කළමණාකරණ පද්ධතිය මඟින් ඇගයීමට ලක් කරන ලද ආයතන කාණ්ඩ වෙන් වෙන්ව සලකා බැලීමේදී 2015 වසර පදනම් වර්ෂය ලෙස ගත් විට, 2019 වසරේදී රාජ්‍ය
    අමාත්‍යාංශ කාණ්ඩයේ ලබා ඇති ප්‍රගතිය සියයට 11.77 කි.
    එම කාලසීමාව තුළ රජයේ දෙපාර්තමේන්තු කාණ්ඩයේ සියයට 10.49 ක්ද, රජයේ විශේෂිත වියදම් ඒකක කාණ්ඩයේ සියයට 26.56 ක්ද, දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාල කාණ්ඩයේ සියයට 8.62 ක්ද, පළාත් සභා අරමුදල් කාණ්ඩයේ සියයට 14.74 ක්ද, පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු,විශේෂිත වියදම් ඒකක කාණ්ඩයේ සියයට 21.22 ක්ද, පළාත් සභා
    ව්‍යවස්ථාපිත ආයතන කාණ්ඩයේ සියයට 58.46 ක්ද, මහනගර සභා කාණ්ඩයේ සියයට 4.82 ක්ද, නගර සභා කාණ්ඩයේ සියයට 16.65 ක්ද, ප්‍රාදේශීය සභා කාණ්ඩයේ 17.5 ක්
    වශයෙන්ද එහි ප්‍රගතිය වාර්තා වී ඇත.
    ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ලබා ඇති මෙම වැඩසටහන ආරම්භ කිරීමේ නවමු සංකල්පය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දැරූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ස්තුතිය පළ කරන බවද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya