සෞඛ්‍ය අමාත්‍යාංශයේදී (07)සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය මේ බව කීය. මෙම අවස්ථාවට යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත Christian Skoog මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එම හමුවෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත යුනිසෙෆ් සංවිධානය හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 842156 ක වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සිදුවිණී.
ළමා මෙන්ම වැඩිහිටි පිරිස් සඳහාද කෘතිම ශ්වසනය ලබා දීමට භාවිතා කළ හැකි පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකි නවීන තාක්ෂණය මුසු වූ High flow machine 02 ක් හා Oxygen concentrators 02 ක් මෙහිදී සංකේතාත්මකව පරිත්‍යාග කෙරිණි. මෙය කොවිඩ් - 19 ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරණ වන අතර ඔක්සිජන් මට්ටම සාමාන්‍ය තත්ත්වයක පවත්වා ගැනීමට යොදා ගනී.
මෙයට අමතරව London Stock Exchange Group ආයතනය මගින් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුවිණී. මේ වන විට වසා දමා තිබෙන ඕස්ට්‍රේලියාවට ඇතුල් වීම සඳහා වන සීමාවන් ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා බලා මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කරන බවත් ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell මහත්මිය කීය.ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් ඉදිරියට වඩාත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙරටට ලැබෙන වෛද්‍ය උපකරණ , සෞඛ්‍ය උපකරණ ඇතුළු පරිත්‍යාග අවශ්‍යතා පවත්නා ආකාරය අනුව ඒ ඒ ප්‍රදේශ වලට ලබාදෙන බවත් එම අවශ්‍යතා දෛනිකව වෙනස් වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.
ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමේදී ඇතැම් එන්නත් නොපිළිගන්නා තත්ත්වයන් ඇතැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරියගෙන් විමසූ විට පවතින තත්ත්වයන් මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සලකා බලා ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව කීවාය.
එමෙන්ම සෑම රටකටම ජාත්‍යන්තරිකව පිළිගත හැකි පොදු එන්නත්කරණ සහතිකපතක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් එය ඉතා කාලෝචිත වැඩපිළීවෙලක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයාත් වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය මෙන්ම, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරුන් මෙහිදී පෙන්වා දුන්හ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද මේ සඳහා සහභාගි විය.