පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සුවධරණී ප්‍රතිශක්ති වර්ධක ඖෂධ මංජුසාව නොමිලේ බෙදාදීම ඇරඹෙයි

    ඔක්තෝබර් 08, 2021

    කොවිඩ් වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් නොමිලේ බෙදාදීමට නියමිත සුවධරණී ප්‍රතිශක්ති වර්ධක ඖෂධ මංජුසාව බෙදාදීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේදී ඊයේ (07) ආරම්භ කෙරිණි.

     

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පිරිදි නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරලීමේ උදාර අරමුණ පෙරදැරිව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති අතර මෙම සුවධරණී ඖෂධ මංජුසාව සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය, ගුඩුච්ඡාදී චූර්ණය ඇතුළු දේශීය ප්‍රතිශක්ති වර්ධක කැද වර්ග වලින් සමන්විත වෙයි.

    මෙහි මූලික අදියරේදී දිවයිනේ සියලුම ආගමික ස්ථානයන්හි පූජ්‍ය පක්ෂය වෙත ලබාදීම සිදු කරනු ලබන අතර එය සංකේතවත් කරමින් කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේ සාහිත්‍ය චක්‍රවර්තී, අග්‍රමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහන්සේ වෙත ප්‍රථම සුවධරණී ප්‍රතිශක්තී වර්ධක ඖෂධ මංජුසාව විෂය භාර රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා අතින් පිළිගැන්වීම සිදුවිය.

    තවද එම මංජුසාව ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති වැලමිටියාවේ සීලරතන නායක ස්වාමීන්වහන්සේට සහ දළුගම ෆ්‍රැන්සිස් දේවස්ථානයේ මිසමහාර පියතුමන් වෙත පිළිගැන්වීමද ඊයේදින සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya