පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් - ප්‍රමුඛතා කණ්ඩායම් සහ ලබාදෙන ස්ථාන පිළිබද ඉදිරියේදී දැනුම් දෙනවා - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ඔක්තෝබර් 08, 2021

    බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර එය ලබාදීමේ ප්‍රමුඛතා කණ්ඩායම් සහ ලබාදෙන ස්ථාන පිළිබද ඉදිරියේදී දැනුම් දෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අද (08) ඔහු මේ බව කියා සිටියේය.

    තාක්ෂණික වශයෙන් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය ගෙන ඇති අතර, ඉදිරියේදී මෙය ලබාදෙන දිනය, ස්ථානය සහ සිදුකරන ආකාරය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් සහ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ඇතැයිද  සදහන් කළේය.

    එය නිකුත් කරන තෙක් ඉවසිල්ලෙන් පසුවන ලෙසද ව්‍යාජ පුවත් වලට රැවටෙමින් බූස්ටර් එන්නත ලබාගැනීම සදහා යම් යම් ස්ථාන වෙත නොයන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම කටයුතු සංවිධානය කර එන්නත් ලබාදෙන දින නිවේදනය කරනු ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya