පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල විසින් දැනුම්දෙන දිනවලදී ගොස් සිසුන් එන්නත් ලබාගන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ඔක්තෝබර් 08, 2021

    විශ්ව විද්‍යාල සිසුන් සදහා විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ එන්නත් ලබාදීමේ දින වකවානු අදාළ විශ්ව විද්‍යාල වලින් සිසුන් වෙත දැනුවත් කරනු ඇතැයිද, ඒ අනූව එම දිනවලදී ගොස් සිසුන් එන්නත් ලබාගැනීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (08) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    අදාළ විශ්ව විද්‍යාල විසින් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග සම්බන්ධවී ළමයින් සංඛ්‍යාවට ප්‍රමාණවත් එන්නත් ලබාගනිමින් සියලු කටයුතු සූදානම් කරගනිමින් එන්නත්කරණ සිදුකරනු ලබන දින දැනුම්දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya