පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නොවැම්බර් මස මුල වන විට සියලු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 08, 2021

    එළඹෙන නොවැම්බර් මස මුල වන විට සියළුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තවද උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රමිතිය කිසි සේත් වෙනස් කිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට ඒ සඳහා විෂය ආවරණයට සහ විභාගයට සූදානම් වීම සඳහා දරුවන්ට අමතර කාලයක් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාසල් දින දර්ශනයක වර්ෂයකට දින 210ක් පාසල් පැවැත් වුවද 2020 වසරේ පාසල් පැවැත්වීමට හැකි වූයේ දින 65ක් පමණක් බවත් 2021 වර්ෂයේ බස්නාහිර පළාතේ දරුවන්ට දින 05ක් පමණක් පාසල පැවැත් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    මේ වන විටත් විෂය මාලාව කොපමණ දුරට ආවරණය වූයේද යන්න සම්බන්ධයෙන් පළාත් මට්ටමින් තක්සේරුවක් සිදු කරගෙන යන බවත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya