පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිල්කෝ වාර්තාගත ආදායමක්

    ඔක්තෝබර් 08, 2021

    කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව මිල්කෝ සමාගම පවසයි.

    මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා සහ මිල්කෝ ආයතනයේ සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

    ආයතනය සහ කිරි ගොවියා අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම මුලික අවශ්‍යතාවයක් බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කිරිගොවි බලමණ්ඩල 91 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එය ඉදිරියේදී පදනමක් බවට පත් කරන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

    එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සහ මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවීමේ අවශ්‍ය මූලික ක්‍රමෝපාය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

     

    කිරි ගොවීන්ට වැඩි වරප්‍රසාද ලබා දීමටත් භුමියේ සක්‍රියව වැඩ කරන කිරි ගොවින් හඳුනා ගැනීමටත් වැඩි පහසුවක් සිදුවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
    දැනට සිදු කරන දෛනික කිරි එකතු කිරීමේ ප්‍රමාණය ඉදිරියේදී දෙගුණයක් කිරීමට කඩිනමින් ගත හැකි ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරණි.

    අමාත්‍යංශ ලේකම් එස්. සේනානායක මහතා , අමාත්‍යංශ අතිරේක ලේකම් (පාලන) මේනකා පී අබේරත්න මහත්මිය, අතිරේක ලේකම් (පශු සම්පත්) එල්.ඩබ්.එන් සමරනායක , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya