පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ තැපැල් හා උපතැපැල් කාර්යාල නොමැති වීමේ ගැටලුවට කඩිනම් විසඳුම්

    ඔක්තෝබර් 08, 2021

    මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු පළාතේ තැපැල් හා උපතැපැල් කාර්යාල නොමැති වීමේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    2020/2021 වර්ෂයේ නව භෞතික ඉදි කිරීම් කිසිවක් නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවත් එම තත්වය වෙනස් වී ප්‍රතිපාදන ලද විගස මෙම ගැටළුවට ප්‍රමුඛතාවය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක් ග්‍රාම සේවා වසම් 136කි. එහෙත් මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන තැපැල් කාර්යාල ඇත්තේ 05කි.උප තැපැල් කාර්යාල ගණන 12කි. භූ ගෝලීය විශාලත්වය සහ ජන ගණත්වය අනුව එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර නැවත ඉදිකිරීම් ආරම්භ කළ වහාම උතුරු පළාතට ප්‍රමුඛත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya