පාසල් විවෘත කිරිමට අවශ්‍ය පියවර එකින් එක ගනිමින් සිටින බවද කී අමාත්‍යවරයා, මෙරට ගුරුවරු සියළු දෙනාටම කොවිඩ් මර්ධන එන්නත ලබා දී අවසන් බවද කීය. ඒ අනුව එළඹෙන 21 දා, පාසල් 3000ක් ආරම්භ කරන බවත් අනතුරුව සෞඛ්‍ය නීති රීති අනුව පියවරෙන් පියවර පාසල් විවෘත කරන බව පෙන්වා දුන්නේය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ජාතික ජන බල පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගුරු විදුහල් පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රකාශ කරමින් නිරන්තර ඉල්ලීම් කළ බැවින් මේ පිළිබඳ අධ්‍යනය කර විසඳුම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කළේය. අධ්‍යාපන අමාත්‍යංශය
එම අනු කමිටුව මගින් ඉදිරිපත් කළ යෝජනා 2021.08.31 දින ඉදිරිපත් අමාත්‍ය මණ්ඩල යෝජනා ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් සියළු වෘත්තිය සමිති දැනුම්වත් කර ඇති බවද කී අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරයෙක් පළමු වරට නීත්‍යානුකූලභාවය පළ කරමින් මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැනුවත් කළ බවද කීය.
ලෝක වසංගත තත්වයක් හමුවේ, මුදල් අර්බුද පවතින බව පවසමින් එය පිළිනොගෙන සිටීමට ඉඩතිබුණද රජය එය පිළිගෙන ගුරු විදුහල්පති වැටුප් අර්බුදය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කළා බවද කීය
පැවති ගුරු වර්ජනය හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි තත්වයට පත් කළද විභාග කොමසාරිස් වරයාගේ බලතළ යොදා ගනමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ලක්ෂ 06කට විභාගයට පෙනී සිටීන්න රජය අවස්ථාව ලබා දී තිබේ.
මේ හේතුවෙන් උසස් පෙළ සඳහා අයදුම් කැඳවීම සති දෙකකින් දිගු කරන්න සිදු වූ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත් කැදවීමද දීර්ග කිරීමට සිදු විය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත්කිරීම සම්බන්ධයෙන් 2022 අයවැය තුළින් ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය යෝජනා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍යවරයා සමග ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වීමටද මෙහදී එකග විය.
එළඹෙන නොවැම්බර් මාසයේදී 2022 අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එතෙක් පාසල් දරුවන්ට බලා සිටීමට සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් සිදු කළේය. මෙම ඉල්ලීමට ඒකග වෙමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දී එම දිනය දැනුම් දෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
විභාගය යනු දරුවන්ගේ අනාගතය බැවින් හැකි ඉක්මනින් ශිෂ්‍යත්ව සහ උසස්පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා කීය.