වසංගත තත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය අඩපණ වුවද අපනයනය ක්ෂේත්‍රය ඉහළ ගොස් ඇති බවත් 2021 අපනයන භෝග මගින් අගෝස්තු මාසය අවසන් වන විට ඩොලර් බිලියන 2.5 ක වත්කම් උපයාගෙන ඇති බවද කීය.
2021 වසර සඳහා වසර මැද මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවට අදාළ සභාව කල් තැබීමේ විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2021 වසරේදී පළමු කාර්තු දෙකෙහිදී මෙරට ආර්ථික වර්ධන වේගය 8% ඉක්මවා ගිය බවත් තුන්වන කාර්තුවේ නැවතත් රට වසා දැමීමට සිදු වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අද වන විට රට ක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත්වෙමින් ඇති බවත් සංචාරක කර්මාන්ත සහ නව ආයෝජන සම්බන්ධයෙන් රජය විශාල වශයෙන් බලාපොරොත්තු සහගතව සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, 2021 වසර අවසාන වන විට 6%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වේ යැයි තමා විශ්වාස කරන බවද පැවසීය.
වසංගත තත්වය, බඩු මිල වැඩිවීම,රැකියා අහිමි වීම , දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අහිමි වීම වැනි ගැටළු හේතුවෙන් ජනතාවද අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් මෙම තත්වය රජය අවබෝධකරගෙන සිටින බව පැවසූ අමාත්‍යවරයා, ජනතාව විශාල කැපකිරීම් කරමින් දැක් වූ සහයෝගයට කෘතඥතාව හිමි වන බවද කීය. මුදල් අමාත්‍යවරයාද මෙම කරුණු අධ්‍යානය කරමින් පසු විපරම් කරමින් මේ සම්බන්ධයෙන් සොයා බලමින් ජනතාව වෙත සහන ලබා දීමට පියවර ගන බව කීය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය, රට බාර ගන්නා විට බලාපොරොත්තු රැසක් පැවති බවත් මාස 03ක කාලයක යන විට කොවිඩ් ව්‍යසනයට රට මුහුණ දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජය නොයෙක් කැප කිරීම් කරමින් සහ රාජ්‍ය වියදම් කළමණාකරණය කර ගනිමින් ජනතාවට ලබා දිය යුතු සෞඛ්‍ය පහසුකම් උපරිම මට්ටමින් ලබා දුන් බවද සඳහන් කළේය.
ලෝකයේ එන්නත් නිපදවන සෑම රටකින්ම එන්නත් මිලදී ගෙන මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක අන්දමින් ඉටු කළ බව කී අමාත්‍යවරයා, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් හා සමාන කොවිඩ් මර්ධන වැඩපිළිවෙළක් මෙරට ගෙන ගිය බවද කීය.