පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සීෂෙල්ස් ජනරජයේ ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා

    ඔක්තෝබර් 09, 2021

    සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ඩර්ජාකස් මහතා සමඟ සීෂෙල්ස් හි ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

    සීෂෙල්ස් ජනරජයේ ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතා න සීෂෙල්ස් හි ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ඩර්ජාකස් මහතා හමු විය.

    සමුද්‍රීය හා ගුවන් සේවාවල වර්ධනය සඳහා ඇති ශක්‍යතා ද සමඟ අවශ්‍යතාවය මත අනෙකුත් අංශ තුළ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව යන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සුහද හමුවේ සුවිශේෂී අරමුණ වූයේ සීෂෙල්ස් හි ප්‍රවාහන අමාත්‍යංශය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව ශක්තිමත් කර ගැනීම යි.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව ඇති අභියෝග ජයගැනීම සඳහා මුළු ලොවම අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින පසුබිමක, ප්‍රවාහන අංශයේ ආර්ථික වර්ධනය හා අවස්ථා ඉහළ නැංවීම සඳහා සම්බන්ධීකරණයේ හා ජාලගත කිරීමේ ඇති වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya