පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අගමැති ප්‍රධානත්වයෙන් ලෝක තැපැල් දිනයට කාණ්ඩ තුනකින් මුද්දර

    ඔක්තෝබර් 09, 2021

    ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ලෝක තැපැල් දින සමරු මුද්දරය, නිත්‍ය කාණ්ඩයේ රුපියල් 1000ක මුද්දරය සහ ශ්‍රී ලංකාවේ අවේනික පක්ෂීන් විශේෂ ඇතුළත් තේමාත්මක මුද්දර කට්ටලයක් මෙලෙස නිකුත් කෙරිණි.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊට අදාළ මුල් දින කවර සහ මුද්දර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්නුවේය.


    අදට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කළ ලෝක තැපැල් දින සමරු මුද්දරය -2021, කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ වුවද මෙරට තැපැල් සේවාව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මකව පවතින බව පිළිබිඹු කරමින් පුලස්ති එදිරිවීර මහතා විසින් නිර්මාණය කර තිබේ.


    රුපියල් 1000ක නිත්‍ය කාණ්ඩයේ මුද්දරය යාපහුව සිංහයා පිළිබිඹු කරමින් අතින් අඳින ලද රේඛා සහිත ග්‍රැෆික් චිත්‍රයකි. ඉසුරු චතුරංග මහතා මෙම මුද්දරය නිර්මාණය කර ඇත.
    ශ්‍රී ලංකාවේ මෙතෙක් මුද්දර වලින් පිළිබිඹු නොවූ මෙරටට ආවේණික පක්ෂීන් නිරූපනය වන මුද්දර 6ක් සහ මුල් දින කවර හයක් ද මෙලෙස අද දිනයේ නිකුත් කළ මුද්දර අතර වේ.
    අළු කෑදැත්තා, හීන් කොට්ටෝරුවා, වන කොවුලැස්පටියා, පුල්ලි වල් අවිච්චියා, මහ රතු කෑරලා සහ බඩ රතු වැහිලිහිණියා යන පක්ෂීන් එම මුද්දරවලින් නිරූපනය වේ. පුලස්ති එදිරිවීර මහතා මෙම මුද්දර කට්ටලය නිර්මාණය කර ඇත.

     

     

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රංජිත් කේ. රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති බස්නාහිර පළාත-දකුණ ඩබ්ලිව්. කේ. ඒ. සිසිර කුමාර, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහත්වරු ඇතුළු මුද්දර කාර්යාංශයේ නිලධාරි පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya