අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා සතිය සැප්තැම්බර් මස 18-23 දක්වා යෙදී තිබුණි. රටෙහි පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොටගෙන , සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙවර වැඩසටහන විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන ඇත.
සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අයත් වන වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විෂයභාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන උත්සවයේ දී "සයුර රකින රැල්ල" ස්වේච්ඡා බලකායේ ක්‍රියාන්විතයත්, සමුද්‍රීය පරිසරය සම්බන්ධ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට "MEPA ඇකඩමිය ", සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිල වෙබ් පිටුවද එළි දැක්වීම ද සිදු කෙරේ.
සමූද්‍රීය පරිසර ආරක්ෂණ සතිය තේමාකර සමරු මුද්දරක් ද එළි දැක්වීමට නියමිත අතර ඔස්ට්‍රේලියානු රජයෙන් ආධාර වශයෙන් ලැබීමට නියමිත නැව් අනතුරු වල දී සිදු වන තෙල් කාන්දු ජලයෙහි විසිරී නොයා එකතු කර ගැනීමේ උපකරණ කට්ටල කිහිපයක් ද නිල වශයෙන් භාරගැනීමද සිදු වෙයි.