පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

    ඔක්තෝබර් 11, 2021

    නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය (ඔක්තෝබර් 09 )නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

    මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස 2021 සැප්තැම්බර් මස 18 වන දින නාවික හමුදාව මඟින් ඉදිකරනු ලබන 874 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ලෙස මෙහි ඉදිකිරීම් ආරම්භ ‍කරන ලදි.

    ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ නිම කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මෙලෙස ජනතා අයිතියට පත් කරන ලදී.

    මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින්, සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ මෙන්ම කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේ සහ අවට ගම්වාසීන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක මධ්‍යම නුවරගම් පළාත සාශනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමවා වදාල අතර, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා, නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් සීමිත පිරිසක් ද සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya