ඒ මහතා මේ බව කියා සිටියේ, රට සාමාන්‍යකරණය සමඟ පොදු ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධව අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඉදිරියේ දී සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් මත සංචරණ සීමා ලිහිල් කලහොත් එකී ධාවන කටයුතු ද සිදු කළ හැකි බව හෙතෙම කියා සිටියේය.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව කටයුතු කරන ලෙසත්, මඟීන් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීමටත් සියලුම් ඩිපෝ අධිකාරිවරුන්ට, පළාත් අධිකාරීවරුන්ට මෙන්ම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
මේ වන විට බස්රථ 3500 ක් පමණ ප්‍රාදේශීය මට්ටමින් ධාවනය කෙරෙන අතර පළාත් තුළ ධාවන කටයුතු ද සිදු කෙරෙන බව වැඩිදුරටත් පැවසූ කිංග්ස්ලි රණවක මහතා මේ වන විට සෞඛ්‍ය අංශ සදහා අන්තර් පළාත් බස්රථ සීමිත ප්‍රමාණයක ධාවන කටයුතු සිදු කෙරෙන බවත්, අන්තර් පළාත් සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසුව බස්රථ 1500 ක පමණ ධාවනය කිරීමට හැකි බවත්, දුම්රිය ධාවනය ඇරඹීමෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට බස්රථ ධාවනය කිරීමටත් පියවර ගැනීමට සැළසුම් කොට ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.