පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රජය දැනුම්දෙන ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය ඇරඹිය හැකියි - දුම්රිය සාමාන්‍යධිකාරී

    ඔක්තෝබර් 11, 2021

    රජය දැනුම්දෙන ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය  ඇරඹිය හැකි බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.

    ඒ අනුව, අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් වූ පසු දුම්රිය ධාවනය කිරීමේ නවතම කාල සටහනකට අනුව සිදු කෙරෙන බවත්, හැකි පමණ මඟීන් තදබදයකින් තොරව ප්‍රවාහනය කිරීම වෙනුවෙන් කාර්යයාලයීය මඟීන් සඳහා දුරගමන් දුම්රියයන් කිහිපයක් ශීඝ්‍ර ගාමී කිරීමට ද, ධාවනය සඳහා දෛනිකව කාර්යයාලයීය දුම්රියයන් 130 පමණ වැඩි කිරීමට ද, කුරුණෑගල වේයන්ගොඩ,පානදුර යන දුම්රිය ස්ථාන වලින් ව්ශේෂ කාර්යයාල දුම්රිය කිහිපයක් ද ධාවනය කිරීමට ද සැළසුම් කොට ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

    එමෙන්ම, මඟීන් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ධාරිතාවය ප්‍රමාණවත් නොවීම නිසා නව දුම්රිය මැදිරි සහ එන්ජින් ආනයනය කිරිමටත්, වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරන දුම්රිය මැදිරි 160 න් මැදිරි 40 ක් පමණ මෙරටට ලැබී ඇති අතර ඉතිරි දුම්රිය මැදිරි ලැබීමට නියමිතව තිබෙන බවත්, යාපනය සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමනාගමන කටයුතු වැඩි ධාරිතාවයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සාමාන්‍යාධිකාරීවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya