පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන මිල සම්බන්ධව යම් සහනයක් ලබාදිම කෙරෙහි අවධානය

    ඔක්තෝබර් 11, 2021

    මෑත ඉතිහාසයේ තෙල් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම මිල වැඩිවීම වාර්තා වී තිබෙන බවත් යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,අද (11) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

    අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ,රජය මේ මිළ වැඩි වීම දරා සිටින බවත් ආණ්ඩුවට හැකිනම් යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ය. එසේම මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    මාධ්‍ය හමුවට එක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ,ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

    අවසන් වරට ඉන්දන මිල ඉහළ දැමුවේ ජුනි මස 11 වෙනිදා බව පැවසු සභාපතිවරයා, ඒ අවස්ථාව වනවිට ලෝක වෙළඳපළේ තෙල් බැරලයක මිල 92 පෙට්ට්‍රල් ඩොලර් 78.8 ලෙස ද ඩිසල් ඩොලර් 76.6 ලෙස ද තිබුණු බවත්, අද වනවිට පෙට්ට්‍රල් බැරලයක මිල ඩොලර් 92ක් ලෙස ද ඩිසල් ඩොලර් 92.67 ලෙස ද ඉහළ ගොස් ඇති බව කීය.

    එසේම මෙම තෙල් මිල ඉහළ යාමත් සමග පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 14.56 පාඩුවක් සහ ඩිසල්වලින් රුපියල් 31.46 පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබන බව පැවසූ සභාපතිවරයා,මසකින් බැලුවිට අගෝස්තු මස (31)වන විට බිලියන 70 පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇතිබව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya