අමාත්‍යවරයා එසේ පැවසුවේ, (11දින ) පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය නිළධාරීන් හා සේවක සේවිකාවන් අමතමිනි.
අමාත්‍යවරයා එහිදී මෙසේ ද පැවසීය.
මම මේ ආයතනයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වී දැනට මාස 06ක කාලයක් ගත වෙනවා. මම මෙම ආයතනයට පැමිණීම ප්‍රමාද කළේ මට අවශ්‍ය වටපිටාව සකස් කරගත යුතු නිසාමයි. ආයතනයක් දුවන්න නම් ඒ සඳහා ඒ විෂය සම්බන්ධයෙන් විෂය දැනුමක්, හසල දැනුමක්, අත්දැකීමක්, හැගීමක් සහිත සභාපතිවරයෙක්, විධායක අධ්‍යක්ෂවරයෙක් හෝ තුමියක් සහ හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටිය යුතුයි. මගේ වගකීම එයයි. මෙම අමාත්‍යංශයේ මම කොතෙක් කාලයක් සිටීද දන්නේ නෑ නමුත් මම සතුටු වෙනවා මට කළ හැකි උපරිම සාධාරණය ඉටුකලා. ඊළඟට පැමිණෙන අමාත්‍යවරයෙක්ට වුවත් මෙම ආයතනයට පත්කළ යුත්තේ කෙබඳු පුද්ගලයන්ද යන්න පිළිබඳ මගපෙන්වීම ලබාදීමට හැකිවීම සහ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් සකස්කීරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මෙයට වසර 22 කට පෙර ආරම්භ කරලා ඔබේ කැපවීමෙන් හොඳ සේවාවක් ලබාදෙනවා වගේම එය තවත් පුළුල් පරාසයකට ගෙනයා හැකියි.
ජපානය වගේ රටවල් වල වෛද්‍ය වෘත්තිය, නීතිඥ වෘත්තිය වගේ වෘත්තින් හැරුණාම සෙසු වෘත්තින්වල වසර 10ක පළපුරුද්ද උපාධියකට සමාන කරනවා. දේශපාලනයට ආ විට ප්‍රායෝගික දැනුම තිබෙන විශාල පිරිසක් සිටිනවා. පොත පතේ දැනුම අඩු වුණ අයට උපාධියක් මෙම ආයතනය හරහා ලබා දිය හැකි නම් එය මාතෘ භූමියේ අභිවෘද්ධියට ඉතා වටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට ඉහළට ඔසවා තැබීමට හැකි වුනේ ප්‍රායෝගික දැනුම නිසා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සියලු අභියෝග ජයගන්න ඔහුගේ ප්‍රායෝගික දැනුම ඉවහල් වෙලා තිබෙනවා.
ඇතැම් ආයතන වල අණ පනත් පිළිබඳ දැනුම අඩු කම නිසා ලියුමක් ගහන්න පවා බය අවස්ථා තිබෙනවා. ලියුම නැති නිසා නිලධාරීන් එතනින් එහාට ක්‍රියාකරන්න බයයි. පළාත් පාලනයේ පළාත් සභා වල අණ පනත් පිළිබඳ දැනුම අඩු අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදියට ආර්ථික වශයෙන් අඩු මට්ටමක ඉන්න ජනතාව ලක්ෂ දෙකක් සවිබල ගන්වන්න ජනාධිපති තුමා ප්‍රතිපත්තිමය තිරණයක් ගත්තත් නම් ඇතුල් කිරීම් ප්‍රමාදයක් ඇති වී තිබෙනවා. මෙයට හේතුව මෙම අණ පණත් පිළිබඳ දැනුම අඩුකම. පුද්ගලයන් නම් තෝරාගැනීමේදී පසුබෑමකට ලක්වී තිබනවා. නිලධාරීන්ට යම් යම් ගැටලුකාරී තත්වයන් ඇතිවී තිබෙනවා. සුදුස්සන් තොරාගැනිමේදී අපැහැදිළි කාරනා නිසා තොරා ගැනිම ප්‍රමාද වී තිබෙනවා.
මෙම ප්‍රමාදයට දේශපාලනමය කාරණයක් අදාළ නැතත් දේශපාලනය කාරණයක් කර දානවා. එහිදී මම ඒ අභයෝගය ජයගත්තා. මම පැහැදිළි කළා, එහෙම දේශපාලන මැදිහත්වීමක් නැහැ මහජන නියෝජිතයන් විදියට සවිබල ගන්වන්න මේ අයගේ නාම ලේඛනයක් මගේ ලිපියක් සමඟ යවන්න කියලා කිව්වා. අපිට එන ඕනෑම අයෙක් නාම ලේඛනයක් සමග යවන්න සුදුස්සන් ඇතුළත් කරන්න නුසුදුස්සන් සිටිනවා නම් හේතුව ඇතුළත් කරන්න කියලා. එහෙම උනාම දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් ගැටලුවක් නැහැ. එවන් අවස්ථාවට මම අණ පනත් හොඳට අධ්‍යයනය කරලා මගේ කාර්ය මණ්ඩලය සහ පුද්ගලික ලේකම්තුමිය ඇතුළුව අවශ්‍ය උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරලා තිබෙනවා. උගත් බුද්ධිමත් දේශපාලඥයන් වගේම දේශපාලනය සමග යන පළාත් පාලන අංශයේ නිලධාරීන්ටත් අවශ්‍ය පුහුණුව ලබාදිම වැදගත්.ඉකුත්දා අපි පළාත් පාලන ප්‍රධානීන්ට ප්‍රසම්පදානය පිළිබඳ වෙනම පුහුණුවක් ලබාදුන්නා. ගණකාධිකාරීතුමා එක් කතාවක් කියනවා.කොමසාරිස්තුමා තවත් විදියකට කියනවා. ලේකම්ට පළාත් පාලන ආයතනය අධිභාරවෙයි කියනවා. සභාපතිවරයා තීන්දු තීරණ ගන්නේ නැහැ.තිබෙන බලතල අනුව. එතුමා තිරණයක් ගත්තත් ඒක ලේකම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ අය පණත් වලින් දිලා තිබෙන බලය හරියට පැහැදිලි කරගෙන වැඩකිරීමට ඒ දීලා තියෙන මෙවලම් භාවිත නොකිරීම නිසා රාජ්‍ය සේවයේ දේශපාලනයේ වැඩකටයුතු ප්‍රමාද වෙනවා. මධ්‍යම රජය පළාත් සභා පැහැදිළි ලෙස සේවා ද්වීකරණයක් වෙනවා. මෙම තත්ත්වය පැහැදිළි ලෙස මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ තිබෙනවා. එකම කණ්ඩායමක් පමණක් ආධාර ලබනවා දැක ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න.
මෙම ආයතනයේ 14කට අධික ඉතා හොඳ පාඨමාලා තිබෙනවා.NVQ මට්ටම දක්වා උපාධිය දක්වා මෙම පාඨමාලා ගෙනයන්න අධ්‍යක්ෂතුමාට ඔබගේ සහගෝගය ලබාදෙන්න. ගොඩක් වෙලාවට අපි හිතනවා කඹ ඇදීම තිබෙන්නේ අධ්‍යාපනයෙන් අඩු තැන්වල කියලා මම ඒක දකින්නේ නැහැ. මහාචාර්යවරුන් ඉන්න තැනත් කබ ඇදීම් තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපේ කණ්ඩායම් අතරත් තිබෙනවා. ඔබ අතරත් තිබෙන්න පුළුවන්. සමහර කණ්ඩායම් ඉන්නවා වැඩක් නොකර කේලම් වලින්ම යන්න හදන. වැඩ කරන කෙනාගේ වැඩ සමහර වේලාවට පේන්නේ නැහැ. නව අධ්‍යක්ෂවරයාට හොඳ අත්දැකිම් තිබෙනවා මේ දේවල් හරියට හදුනාගන්න. යම් නිලධාරීන්ගේ උසස්වීම් වල ප්‍රමාදවීම්ති බෙනවා. මේ ආයතනය ආදායම් උත්පාදනය කරන මට්ටමට ගෙනවිත් හොඳ සේවාවක් ලබාදෙන ආයතනයක් බවට පත්කළ යුතුයි. අද පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික අධ්‍යාපන ආයතන විශාල වශයෙන් බිහිවෙනවා. රජයේ සහතිකයක් ගන්න කැමති විශාල පිරිසක් සිටිනවා. එහි ප්‍රයෝජනය අපිට ගත හැකියි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තරගකාරීත්වය තමයි හැමවේලාවකට රටේ අභිවෘද්ධිය හා අනාගතය වන්නේ සූරතිස්ස දිසානායක මහතා මෙම ආයතනය දැක්මක් ඇතිව ඉදිරියට ගෙන යන්න පුළුවන් සැබෑ දක්ෂයෙක්. ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සියලුදෙනා එකමුතුව ක්‍රියා කරමු . මේ ආයතනයේ
ගොඩනැගිල්ල ඉක්මනින් නිම කර පාඨමාලා සදහා උසස් තත්වයේ පන්තිකාමර ලබාගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගනිමු. රටට අවශ්‍ය දේශපාලඥයන් බිහිකර හැකි මට්ටමට මේ ආයතනය ගොඩනගන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්.ඩි.ඒ.බී.බොරලැස්ස මහතා, පළාත් පාලනය පිළිබඳ ශ්‍රි ලංකා ආයතනයේ අධ්‍යක්ෂ , ප්‍රධාන විධායක නිළධාරී අචාර්ය ඩී.එම්.සූරතිස්ස මහතා ඇතුළු නිළධාරී පිරිසක් සහභාගි විය.