අමාත්‍යවරයා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුව මේ සඳහා අවස්ථාවක් කර ගත්තේය.
හිටපු මාධ්‍යවේදියෙකු ලෙස මෙය ජීවිතයේදී අසන්නට ලැබුණු ආශ්වාදජනක ප්‍රවෘත්තියක් බවද, මාරියා රීසාට එරෙහිව මේ මොහොතේද අධිකරණයේ නඩු 12ක් ක්‍රියාත්මක වුවද ඒ සියල්ල මධ්‍යයේ ඔවුන් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව සිදුකළ බව ජූරියේ විනිශ්චය මණ්ඩලයේ විශ්වාසය සහ සටහන බවට පත්වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
වැදගත්ම කාරණය වනුයේ, මතවාද මත නොව සැබෑ සත්‍ය තොරතුරු මත පදනම් වූ මාධ්‍ය කලාවක් වෙනුවෙන් නිර්භයව පෙනීසිටීම හේතුවෙන් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය මාරියා රීසා සහ දිමිත්‍රි මුරටෝ දෙපළ පළමු වතාවට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් දෙන ලද බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එය ලොව පුරා සිටින සියලුම මාධ්‍යවේදීන්ට ගෞරවයට ආශ්වාදයට මෙන්ම සතුටට කාරණාවක් බව සිහිපත් කළ ජනමාධ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේ, ශ්‍රී ලාංකික සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් මාරියාට සහ මුරටෝට සහෝදරාත්මක ආශිංසන පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවයි.