ඔහු මේ බව කියා සිටියේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
මහින්දානන්ද අමාත්‍යවරයා මේ පිළිබදව මාධ්‍ය හමුවක් කැදවමින් පවසනු ඇතැයිද එහිදී පොහොර බෙදාදීමේ යාන්ත්‍රණය සහ දින වකවානු පිළිබදවද දැනුම්දෙනු ඇතැයි ද ඔහු පැවසුවේය.
ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම සතියේ සිට පොහොර බෙදා දීම සඳහා අවශ්‍ය සියලුම යාන්ත්‍රණය සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූ බව සදහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පොහොර බෙදාදීම සදහා වාහන පවා වෙන් වෙන් වශයෙන් යොදවා ඇතැයි කෘසිකර්ම අමාත්‍යවරයා සදහන් කළ බවයි.