අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ මේ සම්බන්ධව තවත් උසස් නිලධාරීන් සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. තමා හෝ තම පවුලේ අයෙකු හෝ තම පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු මෙම වංචාව කළ බවට ඔප්පු වුවහොත් පසුදිනම තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් , අමාත්‍යධූරයෙන් පමණක් නොව ලාංකීය දේශපාලනයෙන් සමුගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සිද්ධීය සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.
මෙම පුද්ගලයා මාධ්‍යවල පළ කෙරෙන චෝදනා සම්බන්ධව සොයා බලා සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුකිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මැතිතුමා මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාට නියෝග කළ බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම චෝදනාව ඉදිරිපත් කරන නිලධාරියාගේ නිවස මේ වන විට කැමරාවලින් ආවේක්ෂණ කටයුතු සිදු කරන බවත් ජංගම පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවත් එම පුද්ගලයාගේ ආරක්ෂාවට ගැටලුවක් ඇතිවන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මෙම පරීක්ෂණවල සත්‍ය අසත්‍යතාවය පිළීබඳ සොයා බැලීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවීමෙන් ක්‍රියා කරන බවත් විෂය භාර අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් වීරසේකර මහතා තමා වෙත දැනුම් දුන් බවද ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.