මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාවය තුළ වැඩිම කොටසක දායකත්වය දරන ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සතු පරිපාලන කලාප 12 ක් ආවරණය වන පරිදි "මහවැලි වගා සංග්‍රාමය ක්‍රියාත්මක වන අතර, අදින් අරඹන වගා ප්‍රවර්ධන සතිය" මහවැලි කලාප තුළ කෘෂිකාර්මික අස්වැන්න ද ඉහළ නැංවීමට හේතු වනු ඇත.
අතිගරු ජනාධිපතිතුමා ජනගත කරන ලද "සෞභාග්‍යයේ දැක්ම" සවිබල ගන්වමින් සෞභාග්‍යයා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන සාර්ථක කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග සහ මහවැලි රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු සියලු ආයතනවල දායකත්වය ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා සියලූ නිලධාරීන්ට සිය ස්තුතිය පළ කළේය.
මෙම අවස්ථාවට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආයතන ප්‍රධානීන් පිරිසක් එක් විය