අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පානීය ජල සම්බන්ධතාවයන් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ නව ජල සම්බන්ධතා අවශ්‍ය ජනතාව සඳහා ජල සම්බන්ධතා අයදුම පත්‍ර බෙදා දීම අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ කට්ටකඩුව, ඉහලගම, යකාගල, හැලේකඩේ, කරගහවෙල, ගුරුවල, ජදුර, ජූලමුල්ල, කොටවාය සහ ගල්සිඹලයාය ගම්මානයන්හී දී සිදු කරන ලදී.
එම අවස්ථාවට අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් වන ජී.වමින්ද, ඉලේසිංහගේ පේමචන්ද්‍ර, ෂර්ලි ජයලත්, දිල්ශාන් ප්‍රියදර්ෂණ, ආර්.පියසීලී, ආරියරත්න යන මහත්ම මහත්මීන්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් පී.ගාර්දියවසම් මහතා, ජල සම්පාදන මණ්ඩලයේ අගුණකොලපැලැස්ස ස්ථානාධිපතිතුමා, නාමල් රාජපක්ෂ මහතාගේ අඟුණකොළපැලැස්ස සම්බන්ධීකරණ ලේකම්වරු සහ නව ජල සම්බන්ධතාවයන් අවැසි ප්‍රදේශවාසී ජනතාව සහභාගී විය.