''සාමුහිකත්වය තුලින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි” යන තේමාව යටතේ ලොව පුරා සෑම රටක් ම මෙවර ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආයතනය වශයෙන් ආපදා අවදානම අවම කිරීම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන 13 වන දින කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.