පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ උසස්පෙළ සිසුන්ට 15 වෙනිදා සිට ෆයිසර් එන්නත

    ඔක්තෝබර් 13, 2021

    කොළඹ දිස්ත්‍රිකකය තුළ එක් වරක් උසස් පෙළ විභාගයට පෙනීසිටි සහ මෙවර විභාගයට පෙනී සිටින සියලුම සිසුන් සදහා එළඹෙන 15 වනදා සිට ෆයිසර් එන්නත ලබාදීම අරඹන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. ඒම්.ඩී. ධර්මසේන මහතා කියා සිටියේ ය.

    ඔහු මේ බව සදහන් කළේ, අද (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    ජනාධිපතිතුමන්ගේ විශේෂ දැනුම්දීමක් පරිදි අගමැතිතුමන්ගේ සහ අධ්‍යාපන ඇමතිතුමාගේ සොයා බැලීම සම ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ද පූර්ණ සහාය ඇතිව රාජ්‍ය අනුග්‍රහයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස 15 වනදා ප්‍රාදේශීය මට්ටමෙන් අරඹන බවද කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාප වල එනම් හෝමාගම, කොළඹ කලාපය, ජයවර්ධනපුර කලාපය, පිළියන්දල කලාපය ආදී වශයෙන් අරඹන බවද ලේකම්වරයා පැවසුවේය.

    මෙහිදී පැමිණීමට අවශ්‍ය කොතැනටද සහ රැගෙන ආ යුත්තේ මොනවාද යන්න දුවල පුතාලා විශේෂයෙන් සොයා බැලිය යුතු බව සදහන් කළ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ දරුවන් සිය හැදුනුම්පත රැගෙන පැමිණිය යුතු අතර පාසල් තුන හතරකට එක මධ්‍යස්ථානයක් බැගින් සූදානම් කර ඇති හෙයින් දරුවන් තමා පැමිණිය යුතු මධ්‍යස්ථානය පිළිබදව විදුහල්පතිවරයාගෙන් විමසිය යුතු බවයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවි වල මෙම නිවේදනය පළ කර ඇති බවද දෙමාපියන්ට මෙය පරීක්ෂාකර තමාගේ දරුවාට එන්නත්කරණය සදහා නියමිත පාසල සොයාගත හැකි බවද ඔහු කියා සිටියේය.

    රජය විශාල වියදමක් දරමින් ජීවිත ආරක්ෂාව සදහා අනාගත පරපුර වෙත ලබාදෙන වටිනා තිළිණයක් වශයෙන් මෙම එන්නත්කරණය පිළිබදව අර්ථ දැක්වූ එල්. එම්.ඩී. ධර්මසේන මහතා දරුවන්ට එය ලබාගන්නා ලෙස ආරාධනා කරමින් එනනත්කරණයට දරුවන් යොමු කිරීමට උනන්දු කරවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

    පාසල් සංවර්ධන සමිති, ආදිශිෂ්‍ය සංගම් මෙයමෙම කර්තව්‍යයට සහාය දක්වනු ඇති බවද විදුහල්පතිවරුන්ද සිය දායකත්වය ලබාදෙනු ඇතැයිද ගුරු මවුවරුන් පියවරුන් දරුවන් එන්නත්කරණ ස්ථාන වෙත යොමුකරනු ඇතැයිද තමා විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya