වසන්ත ප්‍රිය රාමනයක මහතා ''පෙරමඟ '' සඟරාවේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ''දෙසතිය'' සඟරාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේ ය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ වසන්ත ප්‍රිය රාමනායක මහතා, දේශපලන හා ආර්ථික විචාර ලිපි පුවත්පත් රැසකට සම්පාදනය කළ ප්‍රවීනයෙක් විය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස ද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිධූරයේ ද වසන්ත ප්‍රිය රාමනයක මහතා කටයුතු කර ඇත.
පත්‍ර කලා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ රාමනායක මහතා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළ අතර ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ නිර්මාතෘවරයා ද වන්නේ ය.
කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක මහතා, දෙදරු පියෙකි.