පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය ස්ථාවර බව උදෙසා වෙනත් මූල්‍ය මෙවලම් භාවිතා කිරීමට තීරණයක්- මහබැංකු අධිපති

    ඔක්තෝබර් 14, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය මූල්‍ය අගය නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කළ බවත්, මීට අමතරව මූල්‍ය ස්ථාවරබව උදෙසා වන වෙනත් මූල්‍ය මෙවලම් භාවිතා කිරීමට මහ බැංකුව තීරණය කර ඇති බවත්, ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග තුළින් රට තුළ උද්ධමනය පාලනය කිරීමට හැකිවනු ඇති බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.


    මහ බැංකු පරිශ්‍රයේදී අද (14) පැවති ‘ආර්ථික ප්‍රතිපත්ති සමාලෝචනය’ සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.
    ඉදිරියේදී රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ අගයකට යොමු කරගැනීමට හැකිවනු ඇති බවත්, ලෝකයේ ආර්ථික වර්ධනය වීමේ ප්‍රවනතාවය මේ වන විට දැකගැනීමට හැකි බවත්, ඉදිරියේදී මෙරට තුළද මෙය සිදුවනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    මෙරට පවතින ඍජු බදු හා වක්‍ර බදු සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය සළකා බලා ඒ සම්බන්ධ නිර්දේශ සහ සිය මතය මහ බැංකුව විසින් සැප්තැම්බර් 15 දින රජයට යොමු කළ බවත්, ඉදිරි අයවැයේදී මෙම කාරණා සළකා බලා ජනතාවට ලබා දිය හැකි බදු සහන රජය ලබා දෙනු ඇති බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පැවසුවේ තමා ඉන්ධන මිල ඉහළ දැමීමට දිරිගන්වන්නෙකු නොවූවද මේ මොහොතේ පවතින තත්ත්වය යටතේ ඉන්ධන වැඩිවීම සිදුවිය යුතු බවත්, එසේ නොවුවහොත් අර්ථිකයට දරාගැනීමට නොහැකි වනු ඇති බවත්ය.

    එහිදී ඉන්ධන බදු සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ඉන්ධන බදු අඩු කළ හැකි උපරිමයෙන් අඩු කර ඇති බවත්, එය තිබිය යුතු තත්වයෙන් තිබීම වැදගත් බවත්ය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya