පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක්- කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

    ඔක්තෝබර් 14, 2021

    මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා සහතික කරයි.

    මෙවර මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර තිබේ.

    කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බවද ඔහු අවධාරණය කරයි.

    ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙ.ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වැරදි තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය. මෙනිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya