ඒ අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ අරච්චිකටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුමරකට්ටුව ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම උදෙසා තැනූ පුබුදු ප්‍රජාමුල සංවිධානයේ ජල ව්‍යාපෘතිය විවෘත කිරීමත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම අඩිප්පල ගම්මානයේ ජීවත්වන ග්‍රාමීය ජනතාව හට පිරිසිදු පානීය ජලය ලබාදීම උදෙසා තැනූ ජල පිරිපහදු යන්ත්‍රාගාරය හා නල්ලදරන්කට්ටුව මුතුපංතිය ගම්මානයේ ජීවත්වන ග්‍රාමීය ජනතාව හට පානීය ජලය ලබාදීම උදෙසා තැනූ ''මුතු දියවර ''ප්‍රජා මූල සංවිධානයේ ජල පිරිපහදු යන්ත්‍රාගාරය විවෘත කිරීමත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබීය.
එමෙන්ම, උතුරුකරයේ සා පිපාසාව සංසිදුවන්නට මුහුදු ජලයෙන් පානීය ජලය ලබා දීම වෙනුවෙන් පසුගිය දා සිදු කළ නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත්කිරීමේ ව්‍යපෘතියේ සමාරම්භක අවස්ථාවට ද රාජ්‍ය අමාත්‍යවරයා එක් වූ අතර, පුත්තලම දිස්ත්‍රීක්කයේ, හලාවත වසමේ ස්ථීර නිවාස අහිමි පවුල් 18ක් සදහා ''ගමට ගෙයක් වැඩසටහන යටතේ''රුපියල් ලක්ෂ 6ක ආධාර මුදලක් යටතේ තැනූ නිවාස විවෘත කිරීම් සහ මුල්ගල් තැබීම් ද සනත් නිශාන්ත මහතා විසින් පසුගිය දා සිදු කරනු ලැබීය.