ඒ මහතා පෙන්වා දෙන්නේ, 2022 අයවැය මඟින්, ග්‍රාමීය ප්‍රදේශයන්හි කෘෂි කාර්මික, අධ්‍යාපන , සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැඩිවශයෙන් ප්‍රතිපාදන වෙන්කෙරෙනු ඇතිබවයි.
සිරිපාල ගමලත් මහතා මේ බව කියා සිටියේ ,(13 දින) මහවැලි එච් කලාපය ට අයත් ගල්නෑව හා තලව කොට්ඨාශයන්හි පැවති කාබනික ගෙවතු වගා ජාතික වැඩසටහනට එක්වෙමිනි.
මහවැලි ගොවි පවුල්වල ගෙවිලියන් ඉලක්ක කර ගත් ගෙවතු 400000 ක් සකස් කර ගැනීම, වී, මුං ඇතුළු ධාන්‍ය වර්ග හා එළවළු බීජ මහවැලි නමින් ගොවි ජනතාවට හඳුන්වා දීම මෙම කාබනික ගෙවතු වගා සතියේ අරමුණ වී තිබේ.
මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාවය තුළ වැඩිම කොටසක දායකත්වය දරන ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සතු පරිපාලන කලාප 12 ක් ආවරණය වන පරිදි "මහවැලි වගා සංග්‍රාමය ක්‍රියාත්මක වන අතර, වගා ප්‍රවර්ධන සතිය" මහවැලි කලාප තුළ කෘෂිකාර්මික අස්වැන්න ද ඉහළ නැංවීමට හේතු වනු ඇත.
අතිගරු ජනාධිපතිතුමා විසින් ජනගත කරන ලද "සෞභාග්‍යයේ දැක්ම" සවිබල ගන්වමින් සෞභාග්‍යයා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන සාර්ථක කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග සහ මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය මෙම සතිය තුළ මහවැලි බල ප්‍රදේශයන්හි ගෙවතු වගා කටයුතු සඳහා මඟ පෙන්වීම සිදුකරනු ලැබේ.
මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා (13) මහවැලි එච් කලාපය ට අයත් ගල්නෑව , තලාව සහ තඹුත්තේගම මහවැලි කොට්ඨාස යන්හි ගෙවතු වගා නිරීක්ෂණය කළ අතර ආහාර බෝග පැල රෝපණය සහ නිවැරැදි වගා ක්‍රම සම්බන්ධ, දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. එහිදී ගොවි ජනතාව හමුවේ අදහස් දක්වමින්
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ, යුද්ධය නිමා කිරීමෙන් පසුව ග්‍රාමීය සංවර්ධනය සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ 2015 දී බිඳවැටුණු බවයි. බිඳ වැටුණු එම සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන වත්මන් රජයේ අභිලාෂය බව ද කීය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ අරමුණ රටේ සියළු ජනකොටස් අතර සතුටින් සිටින, පවුලක් නිර්මාණය කිරීමයි. ඒ තුළින් යහපත් සමාජ වටපිටාවක් ගොඩනැඟීම අරමුණ වී තිබෙනවා.. දූෂණය ,අල්ලස පිටුදකිමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාම එතුමාගේ තවත් අරමුණක් වී තිබෙනවා.
මෙවර අයවැය මඟින් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ප්‍රතිපාදන බෙදා හැරීම රජයේ අරමුණයි. ඒ සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල ජන ජීවිතය උසස් කිරීම සඳහා සෞඛ්‍යය, අධ්‍යාපන, කෘෂි කර්ම ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ට අපේක්ෂා කරනවා. කාබනික ගෙවතු වගා සතියක් ප්‍රකාශය ට පත් කළේ දීර්ඝකාලීන අපේක්ෂාවෙන්. අතිගරු ජනාධිපති තුමා වසවිසෙන් තොර ගොවි තැන සඳහා උනන්දු වන්නේ අපේ ජනතාව නිරෝගී පරපුරක් නිර්මාණය කර ගැනීමේ අවංක චේතනාව නිසයිිි.
මේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග එල්ල විය හැකියි. එහෙත් එම අභියෝග සම්බන්ධයෙන් විවෘත මනසින් කල්පනා කර රටේ දරුපරපුර ගැන ත්, රටේ ආර්ථිකය ගැනත් අවධානය යොමු කළ යුතුයි.
ගොවි ජනතාවගෙන් බලය ට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , ගොවිජනතාව ට එරෙහිව තීන්දු තීරණ ගන්නෙ නැහැ. ගොවි ජනතාව ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති තුමාට මනාව අවබෝධයක් තියෙනවා. ජනාධිපති තුමා භාර ගත්තේ බිඳ වැටී තිබුණ ආර්ථිකයක් සහිත රටක් බව අමතක කරන්න එපා. කොරෝනා වෛරස වසන්ගතය නිසා ආර්ථිකය තවත් කඩා වැටුණා . ඒක හංගන්න අවශ්‍ය නැහැ. කොවිඩ් වලට එරෙහිව වැක්සීන් නිෂ්පාදනය කළ රටවල් වලට වඩා ඉදිරියෙන් අපේ රටේ ජනතාව ට වැක්සීනය ලබා දී තියෙනවා. ඒක ජයග්‍රහණයක්, අතිගරු ජනාධිපතිතුමා ත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ත් නොසිටින්නට අද අපේ රටේ ජනතාව ගේ ජීවිත අවදානම් තත්ත්වයක පවතින්න තිබුණ. ඒත් මේවන විට ඒ අභියෝගයෙන් අපි නිදහස් වෙමින් පවතිනවා" යැයිද හෙතෙම කියා සිටියේ ය .
මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චන්දා හේරත් මහත්මිය .
මහවැලි කෘෂි කර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා, මහවැලි තාක්ෂණ අංශ අධ්‍යක්ෂ ටී. රණසිංහ මහතා, මහවැලි එච් කලාපයේ බලප්‍රදේශයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතා , ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ .