කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 20,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත විය. මෙම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් මෙම සහන පැකේජය ලබා දීමට දායකත්වය ලබා දී ඇත.
මෙම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සදහා අවශ්‍ය ටයර්,බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සදහා දැනට වෙළදපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය පලකර ඇත.
ඒ් අනුව ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරිමේදි මෙම වැඩපිළිවෙල යටතේ එක් බස්රථ හිමියකු සදහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදිමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
මෙම වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් බස්හිමියන් 1916කට හා අන්තර් පළාත් බස්හිමියන් 419 දෙනෙකුට සහන පැකේජ ලබාදීමට ජාතික ගමනා ගමන කොමිසම කටයුතු කර ඇත.
ඒ අනුව 2021-10-13 දින රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව බස්රථ හිමියන් 350 දෙනෙකුට මෙම සහන පැකේජ ලබාදීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් සිදු කෙරිණ.