මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ආකාරය සහ සහ වර්ථමානයේ ලබා ඇති ප්‍රගතිය පිළිබද ව්‍යාපෘතිය භාර නිලධාරීන් හා අමාත්‍යවරයා අතර මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි. මෙම ජලාශයේ ඉදිකිරිම් කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සදහා මේ වන විට අනෙකුත් රාජ්‍ය ආයතන වලින් පැනනැගී ඇති ගැටළු අමාත්‍යවරයා මැදිහත්වී විසදීමට කටයුතු කරන ලදී.
මේ වන විට ලබාගතයුතුව තිබූ ඉදිකිරිම් වල ප්‍රගතිය අවම මට්ටමක පැවතීම සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා කඩිනමින් එය සංවර්ධනය කර ඉදිකිරිම් වල ප්‍රගතිය ප්‍රශස්ථ මට්ටමට ගෙන එන ලෙසත් ව්‍යාපෘතිභාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය යටතේ කි.මී. 88.96ක් දිග ඇල මාර්ගයක් මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුල සහ මහකිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගින් යුත් උමං ජල මාර්ග දෙකක් මගින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව පවතින මහා වාරිමාර්ග 7කට සහ ග්‍රාමීය වැව් 326කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 51,729ක් වැය වේ.
මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යල මහ යන දෙකන්නයේම හෙක්ටයාර 12000කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය නිසා අස්වැද්දීමට හැකියාවක් ලැබේ. වයඹ පළාතේ තුළ පවතින වකුගඩු රෝගය සඳහා ද හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවට මෙමගින් පිලියම් ලැබේ.
මෙම අවස්ථාවට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා අනුරාධ ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.